Broadcast Journalism

Broadcast Journalism
February 3, 2020 No Comments Courses motioncinema

21 වන සියවසේ මාධ්‍ය කරණ කලාවේ යථාර්ථයන් සඳහා ඊළඟ පරම්පරාවේ මාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කැපවී සිටින මෝෂන් සිනමා චිත්‍රපට ඇකඩමියේ විද්‍යුත් ජනමාධ්‍ය පුහුණු පාඨමාලාව සමඟ ජනමාධ්‍ය කලාව අධ්‍යයනය කරන්න දැන් ඔබට අවස්ථාව හිමිවේ. පසුගිය දශක කිහිපය තුළ මාධ්‍ය කරණයේ අවධානය වැඩි වැඩියෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයක් බවට පත්ව ඇත. රූපවාහිනී නාලිකා, සමාජ මාධ්‍ය මෙන්ම කාලීන වැඩසටහන් අතර තරඟය සීග්‍රයෙන් ඉහල යාම තුල දක්ෂයින් හට රැකියා අවස්ථාවන් නිරන්තරවම විවෘත වෙමින් පැවතීම මෙහි විශේෂත්වයක් වේ.

ශ්‍රී ලංකාව තුල රූපවාහිනී විකාශන කටයුතු වැඩි හරියක්ම ඇනලොග් තාක්ෂනය ඔස්සේ සිදු වන අතර එය ලෝකයේ යල් පැනගිය ක්‍රමවේදයක් බව සැවොම දන්නා වූ කාරණයකි. තව නොබෝ දිනකින් ඩිජිටල් සම්ප්‍රේශන පද්ධතින් අප රට තුල ක්‍රියාත්මක වීමත් සමගම මෙම ශ්‍රවය දෘශ්‍ය විද්‍යුත් රූපවාහිනී කලාව අප රට තුල උඩු යටිකුරු වන බව නොරහසකි. අධි තාක්ෂණික ක්‍රම වේදයන් සමග අනාගතයේ මුහුන දීමට සිදු වන අතර ඒ සඳහා අධ්‍යනයට පෙරමග ගැනීම නව පරම් පරාවේ සිටින ඔබට අනිවාර්‍ය දෙයකි


BROADCAST JOURNALISM TOOLS

අපගේ මෙම පාඨමාලාව ප්‍රායෝගිකත්වයෙන් පරිපුන් වෘත්තීමය හැකියාවෙන් සමන්විත අයෙකු බිහි කිරීමේ පාඨමාලාවල් ලෙස ක්‍රියාත්මක වේ. සිසුනට නවීන මෙවලම් හා තාක්ෂණය ගැන දැනුමක් ලැබෙනු ඇත.
ප්‍රවෘත්ති ලිවීම, ඉදිරිපත් කිරීම, නිවේදන කටයුතු කිරීම, සම්මුඛ සාකච්චා පැවැත්වීම, රූගත කිරීම, සංස්කරණ කටයුතු කිරීම වැනි සියල්ල ගැනම දැනුමක් හා අත් දැකීමෙන් පරිපූර්ණ බහු මාධ්‍ය වේදීන් කිරීම අරමුණු කෙරේ.
වාර්ථා කිරීම බොහෝ විට තනිවම හෝ කණ්ඩායමක් ලෙස සිදු කෙරෙන අතර නිෂ්පාදන ක්‍රියාවලියේ සියලු අංශ ගැන අවබෝධය ලබා ගැනීමට අපේක්ෂා කරන සිසුනට එය වැදගත් වේ. මෙයින් අප අපේක්ෂා කරනුයේ නිර්මාණ ශීලී මෙන්ම තාක්ෂණික කුසලතා වලින් පිරිපුන් සිසුවෙක් බිහි කිරීමයි.

BROADCAST JOURNALISM COURSES

Broadcast JournalismHands-on AudioHands-on Camera and Lighting
Production WorkshopNon-Linear EditingThe Interview Profile
Special Topics The Special Report Broadcast Journalism Workshop
In-Studio Production On-Camera Anchoring The Feature Story
Shooting Technic Event Reporting Creating a Resume Reel
Image result for news anchors
Image result for news reporter
Image result for tv interview
Image result for tv interview

CAREER OPPORTUNITIES

ProducerWriter Editor
Program Director Digital Editor News Reporter
News ProducerReporterSenior Producer
News ManagerNews WriterBroadcast Engineer

පාඨමාලා ගාස්තු හා බඳවා ගැනීම්.

Broadcast Journalism IRs. 35,000/6 month
Broadcast Journalism Master
(Camera, Lighting, Production,
Editing Tool With Journalism )
Rs. 65.000/12 Month

බඳවා ගැනීම් හා පුහුණු

බඳවා ගැනීම්, සම්මුඛ පරීක්ෂණයකින් පසු සිදු කරනු ලබන අතර එය පැමිණ හෝ ඔන්ලයින් සිදු කිරීමට ඔබට අවස්ථාව ඇත.

අනතුරුව මූලික ලියාපදිංචි ගාස්තු රු. 5000/ මුදල ගෙවා පාඨමාලාව සඳහා ඇතුලත් විය හැකි අතර පාඨමාලා ගාස්තු ගෙවීම පිළිබඳ පහසු ආකාරයක් අප සමග එකඟතාවකට පැමිණිය හැක.

About The Author

Leave a reply

Your email address will not be published. Required fields are marked *