Documentary Directing & Tv Program Producing Course

Documentary Directing & Tv Program Producing Course

Documentary Directing & Tv Program Producing Course
වාර්ථා වැඩසටහන් අධ්‍යක්ෂණය හා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය පාඨමාලාව

හැඳින්වීම:

මාධ්‍ය ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති ක්ෂේත්‍රයක් වන වාර්ථා සිනමාකරණය, වාර්ථා වැඩසටහන් නිෂ්පාදනය මෙන්ම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය ඔස්සේ දෙස් විදෙස් ඉහල රැකියා ඉල්ලුමක් පැවතීම නොරහසකි.

ලෝක ප්‍රසිද්ධ ඩිස්කවරි නාලිකාව, ඇනිමල් ප්ලාන්ට් නාලිකාව සම්පූර්ණයෙන් විකාශනය වන්නේ වාර්ථා සිනමාපට ප්‍රමුඛ කරගෙන වේ.

මේ අයුරින් මෙම පාඨමාලාව සඳහා යොමු වන ඔබ දේශියවත්, විදේශීයවත් ඉහල ආදායම් ඇති රැකියා ඉල්ලුමක් ඇති තැන් සඳහා යොමු වීමට මග හසර නිර්මාණය වනවා සේම සමාජමාධ‍ය, ආයතනික වෙබ් අඩවි නිර්මාණය වැනි විවිධ ක්ෂේත්‍ර ඔස්සේද මග හසර විවිර වේ.

ඔබගේ සමාජයීය සම්බන්ධතාව ඔස්සේ මෙන්ම, ඔබගේ සිතුවිලි ඔස්සේ මුලු මහත් ජනතාව ආමන්ත්‍රණය කිරීමට කදිම වූ මෙවලමක් වශයෙන්ද මෙය හැඳින්විය හැක.


පාඨමාලා අන්තරගතය:

  • වාර්ථා වැඩසටහන් අධ‍යක්ෂණය
  • වාර්ථා සිනමාපට අධ්‍යක්ෂණය
  • රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය
  • රූපවාහිනී සම්මුඛ පරීක්ෂණ
  • විශේෂ අවස්ථාවන් ආවරණය හා වැඩසටහන් ගත කිරීම
  • ඉතිහාසය, ලෝක නිර්මාණ කරණය, රූප භාවිතය හා රූප භාෂාව
  • කාලය හා අවකාශය
  • තොරතුරු ගවේෂණයනය
  • කතා සංරචක සැකසීම
  • රූපවාහිනී වැඩසටහන් හා වාර්ථා වැඩසටහන් තිරරචනය
  • කැමරාකරණය (මූලික පදනම )
  • ආලෝකකරණය ( මූලික දැනුම )
  • සංස්කරණය ( මූලික දැනුම )
  • පූර්ව නිෂ්පාදනය
  • නිෂ්පාදන සැලසුම් සකස් කිරීම
  • රූගත කිරීම් හා ශබ්ධ පටිගත කිරීම
  • පසු නිෂ්පාදනය
  • උපකරණ හා තාක්ෂණික මෙවලම්
  • ප්‍රායෝගික ක්‍රමෝපායන්
  • අලෙවි කරණය හා බෙදා හැරීම

ප්‍රායෝගික ක්‍රියාකාරකම්

  • විවිධ ප්‍රායෝගික වැඩමුලු
  • එලිමහන් රූගත කිරීම්
  • තොරතුරු ගවේෂණය හා සටහන් සකස් කිරීම
  • වාර්ථා සිනමා පටයක් නිෂ්පාදනය
  • වාර්ථා වැඩසටහන් නිෂ්පාදනය
  • තෝරාගත් මාතෘකා ඔස්සේ විවිධ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය

අවම සුදුසුකම් :

සාමාන්‍ය පෙළ


පාඨමාලා කාලය:

  • මූලික පාඨමාලා කාලය මාස හයක් වන අතර සති අන්තයේ ( සතියකට දවසක් ) පාඨමාලා පැවැත්වේ
  • ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා කාල සීමාවක් නොමැති අතර මෝෂන් සිනමා සමග ප්‍රායෝගික හැදෑරීම් කළ හැකි අතර සිසුන් තොරාගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා අප ආයතනය කාල වකවානුවක් නොමැතිව සහය ලබා දෙනු ලැබේ.

පාඨමාලා ගාස්තු:

පූර්ණ පාඨමාලා ගාස්තු රු. 40,000/- ( ලියා පදිංචි ගාස්තු ඇතුලත් වේ )


අයදුම් කිරීම, ඇතුලත් වීම හා ලියාපදිංචිය:

  • මූලික සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන අතර ඔබ මුලින්ම මේ සඳහා අයදුම් කළ යුතු වේ.
  • ඔබ 0727979076 වට්ස් ඇප් ඔස්සේ ඔබගේ තොරතුරු එවීම මගින් මෙම පාඨමාලාව වෙත අයදුම් කළ හැකි අතර, ඔබව පාඨමාලාව සඳහා සුදුසු නම් එය දන්වනු ලැබේ.
  • මූලික ලියා පදිංචි ගාස්තුව රු. 5000/ මුදල බැංකුව මාර්ගයෙන් හෝ පාඨමාලා පැවැත්වෙන දිනයන්හි හෝ පාඨමාලා අධ්‍යයනයට ඇතුලත් වීමට පෙර ගෙවා ලියා පදිංචි වී ඇතුලත් විය හැක.
  • බඳවා ගන්නා අවසන් දිනයක් නොමැති අතර සීමිත පිරිසක් බඳවා ගන්නා අතර මුලින් ලියාපදිංචි වන සිසුන් පමණක් බඳවා ගැනේ.

අධ්‍යයන කටයුතු සිදු කරන ආකාරය:

කොළඹ ග්‍රහලෝකාගාරය ඉදිරිපිට ඇති ඕපීඒ ගොඩනැගිල්ලේ මූලික දේශන කටයුතු පවත්වන අතර සම්මුක සාකච්ඡා ඔන්ලයින් ඔස්සේ සිදු කෙරේ. ප්‍රායෝගික ක්‍රියාකාරකම් අවස්ථානුකූලව එලිමහන් දර්ශන තලයන්හි සිදු කෙරේ.


Motion Cinema Film Academy
Tel: 0115 10 10 91 / 0760 988 105 / 0760 988 104
Whatsapp : 0760 988 105

Web: www.motioncinemasrilanka.com
Email: info@motioncinemasrilanka.com
FB: https://www.facebook.com/motioncinemaacademy/
Address: No. 96/6, 2nd Lane, Parakrama Rd, Thalahena, Malabe, Sri Lanka


Course Director:
NIRMAL RAJAPAKSHA
Film Director / Film Producer / Film Editor / Script Writer / DOP / Life Tv Deputy Channel Head